තවත් සැක කටයුතු ජීප් රථයක් නුවරඑළියෙන් සොයාගැනේ

නුවරඑළිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑය පොලිසිය විසින් ඊයේ (12) දින පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකුගේ ඥාතියෙකුගේ නිවසේ මෙම ජිප් රථය ගාල් කර තිබු බවත්, ජිප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ එහි නිතියානුකුල ලියකියවිලි කිසිවක් නොතිබුණි නිසා එය පොලිස් භාරයට ගත් බවයි නුවරඑළිය පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් ජිප් රථයට අදාල සියළුම ලියකියවිලි අද (13) දින පොලිසිය වෙත ඉදිරිපත් කරන බව එම නිවසේ හිමිකරුවන් විසින් පොලිසියට දැනුම් දී තිබෙනවා.