නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන තිදෙනාම සහභාගී වනවා.
නව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශකවරයා වශයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබෙනවා.