නව අගමැතිනියට චීන අගමැතිගෙන් සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ දීර්ඝ ඉතිහාසයක් පවතින බව Li Qiang මහතා එහිදී සඳහන් කළා.
මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වූ දා සිට දෙපාර්ශ්වය සෑම විටම එකිනෙකාට ගරු කරමින්, සමානව සලකමින්, උපකාර කරමින් දෙරට අතර සබඳතා ස්ථාවර සංවර්ධනයක් දක්වා පවත්වා ගෙන ගොස් තිබෙනවා.
දෙරට නායකයින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීමටත්, සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමටත් අගමැතිතුමිය සමග කටයුතු කිරීමට තමා කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා පවසනවා.