ලංකා විදුලි සමාගමේ ජිප් රථයක් අලුත්වැඩියා කරන බව පවසමින් නාමල්ගේ ප්රචාරක කටයුතු සඳහා යොදාගෙන
නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය 27 දා කොටුව මහේස්ත්රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දැක්වුවා.
ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන ආංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ අනුරාධපුර පැවැති රැස් වීමේ ප්රචාරක කටයුතු සඳහා යොදා ගත් බවයි චෝදනාව.
එලෙස පැමිණිල්ල ලැබී තිබුනේ, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන ආංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ අනුරාධපුර පැවැති රැස් වීමේ ප්රචාරක කටයුතු සඳහා යොදා ගත් බව සඳහන් කරමින්.
එලෙස මැතිවරණ කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කර විමර්ශනයකට අදාළ බී වාර්තාව ඉදිරිපත් කරමින් කොල්ලුපිටිය පොලිසිය එම රථයේ රියදුරාගේ දුරකතන වාර්තා ලබා ගැනීමට කළ ඉල්ලීමට මහේස්ත්රාත්වරිය අවසර ලබා දුන්නා.
එම වාහනය නඩත්තු කටයුතු සදහා ගරාජයට යොමු කරන බව කියමින් සහ ඉන් අනතුරුව හොරොව්පතාන තම නිවසේ දානයක් ඇති බව කියමින් එහි යන බව දන්වා දෙදිනක නිවාඩු ලබා රියදුරු පිටතට ගොස් ඇති බවත්, ඔහු එම රථය නාමල් රාජපක්ෂගේ අගෝස්තු මස 21 අනුරාධපුර පැවැති රැස්වීමේ ප්රචාරක කටයුතු සඳහා යොදවා ඇති බව වාර්තා වී ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.
එලෙස නියෝග ඉල්ලා සිටියේ ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් මොන්ටෙරෝ ජිප් රථයක් සම්බන්ධයෙන්.