රවුෆ් හකීම්ටත් වාරණ නියෝගයක්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානා මහතාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (28) දින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ මහලේකම් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා .
අලි සහිර් මවුලානා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ .
මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරුන්ට එරෙහිවයි .
එම වාරණ නියෝගය ලබන මස 11 වනදා දක්වා බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ .