බිරිඳ මළ සොවින් සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන.
වවුනියාව මාධව කුලසූරිය.
සිය බිරිඳ මියයාම සම්බන්ධයෙන් සිත් තැවුලෙන් සිටි යාපනය,නාවට්කුලි ප්‍රදේශයේ
පදිංචි පුද්ගලයෙකු ඊයේ(27) සියදිවි නසාගෙන ඇති බව යාපනය,චාවකච්චේරි පොලිසිය
පවසයි.
පොලිසිය පැවසූවේ යාපනය,නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මනුවෙල්
සූසෙයිමුත්තු නමැති පුද්ගලයෙකු එලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.
මීට වසරකට පමණ පෙර අදාළ පුද්ගලයාගේ බිරිඳ අසනීප තත්වයක් මත මියගොස් ඇති
අතර,බිරිඳ මියයාමෙන් අනතුරුව අදාළ පුද්ගලයා දැඩි සිත්තැවුලෙන් පසුවි ඇති බවද
ප්‍රදේශවාසීන් පවසති.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයන්ගෙන් අනතුරුව ඥාතීන්
වෙත භාරදුන් බවද පොලිසිය සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.