දැන් තියෙන ආර්ථික ක්රමය වෙනස් කරන්න ගියොත් ආයෙමත් දුක් විඳින්න වෙයි – මහ බැංකු අධිපති නන්දලාල්
දැනට ක්රියාත්මකව පවතින ආර්ථික වැඩපිළිවෙළේ ප්රතිඵලයන් නැවත වෙනස් වීමක් සිදුවුවහොත්, පසුගිය වසර 02ක කාලය තුළදී අත්විඳීමට සිදු වූ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මෙම ප්රතිසංස්කරණ කෙටිකාලීනව වේදනාකාරී වූවත් වැටී ඇති ආර්ථිකයෙන් ගොඩ ඒමට සියලු දෙනාගේ කැපවීම අනිවාර්ය බවයි වැඩි දුරටත් අදහස් දක්වමින් අධිපතිතුමා ප්රකාශ කර සිටියේ .
අධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37වන වාර්ෂික සමුළුවට එක්වෙමිනුයි .