හොරොව්පොතාන ජාතික ජන බලවේගය ඡන්ද සටන අරඹයි.

හොරොව්පොතාන ආසනයේ  ජාතික ජන බලවේගය ඡන්ද සටන ගලෙන්බිදුණුවැවින් අරඹයි.

 

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයේ නාමයෝජනා (15) බාරදීමෙන් පසු ජාතික ජන බලවේගයේ හොරොව්පතාන ආසන සංවිධායක එස්.තිලකසිරි මහතා ඇතුළු පාක්ෂිකයින් පිරිසක් ගලෙන්බිඳුණුවැව  නගරයේදී තම පක්ෂයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීම හා අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා මේ සදහා ප්‍රදේශයේ සාමාජික සමාජීකාවන් විශාල පිරිසක් එක්ව සිටියේය.

 

 දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ හොරොව්පොතාන ආසන සංවිධායක එස්.තිලකසිරි මහතා පවසා සිටියේ වෙනත් ජනධිපතිවරණයන්ට සාපෙක්ෂිතව මෙවර රටේ හැම පළාතකම,  දිස්ත්‍රික්කයක , මැතිවරණ ආසනයක මෙන්ම හොරොව්පොතාන ආසනය තුළද , ජාති ආගම් කුලබේදයකින් තොරව ජනතාව, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෙසු පක්ෂ ප්‍රතික්ෂෙප කරමින් , අතීතයේ පැවැති මැතිවරණයන්හි ඉදිරිපත් වු ජනාධිපති අපේක්ෂකයන් ඡන්ද දායකයින් සහ රටේ අභිලාෂයන් මුදුන්පත් කොට සමෘද්ධිමත් රටක් සාදා දෙන බවට ල බලාපොරොත්තු වලින්ම මුසපත්වව තම  පුද්ගලික අරමුණු වලට පමනක්  තෝරා පත් කරගෙන ජනතාව රෑ වැටුණු වලෙහි දවල් නොවැටී, පක්ෂයක් සහ සංවිධානයක් වසයෙන් ජාතික ජන බලවේගය මගින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති හා දූරදර්ශී දුරදක්නා වැඩපිළිවෙළ හා එම සංවිධානයක් පක්ෂයක් වශයෙන් පවතින හික්මීම සහ විනයගරුක බව පිළිබඳව පැහැදීම සහ ජාතික ජන බලවේගයේ නායකයින් පිළිබඳව පවතින විශ්වාසය හා අංවංක භාවය මුල්කරගෙන හුදෙක් ජනී ජනයා මාලිමාව වටා වැල නොකඩී එක් වෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හොරොව්පොතාන ජාතික ජන ජන බලවේගයේ ආසන සංවිධායක වරයා මෙසේ පැවසීය.

‘‘සුදු ජාතිකයන්ගෙන් රටට නිදහස ලැබුනයින් පසුව තට්ටු මාරු ක්‍රමයට පැවති රජයන්හි ඒ ඒ නායකයින් ජනතා මනාපයෙන් බලයට පත්වී සියලු සැප සම්පත් භුක්ති විඳ ,රටට වැඩදායී මෙන්ම රටෙහි සහ මතු පරපුරෙහි උන්නතිය උදෙසා දූරදර්ශී පැහැදිලි වැඩපිළිවෙළක් ඇතිව රාජ්‍ය පාලනය නොකිරීම හා තම පවුල් මතම යැපීම හා සංවර්ධනයට මුවා වී සිදුකළ මුදල් අවභාවිතාවන් යන කරුණු මත පසුගිය කාලය තුළ රට තුළ අරගලකාරී තත්ත්වයක් මතුවුවා හැර , ඉබේ නිර්මාණය වූ  කිසිදු අරගලයක් හෝ කිසිදු පෝලිමක් ලංකාවේ ඇති වූයේ නැහැ.

ඔවුනොවුන්, පක්ෂ මාරු ක්‍රමයට රට තුළ සිදුකළ විවිධ වංචනික කටයුතු , තමන් වෙනුවෙන් ඇම්බැට්ට කන් කළ හෙංචයියන්ට පොරොන්දු ඉටු කිරීම පිණිස සිදුකළ බොහෝ සංවර්ධන කටයුතු හේතුවෙන් රහේතුව රටේ බිඳ වැටීම තුළින් විවිධ පෝලිං මතු කරමින්.එවකට සිටි නායකයින්ගේ බැරිකම හුවා දක්වමින් , ජනතා පරමාධිපත්‍යයෙන් එපිටට ගොස්  ජනාධිපතිවරයා , අද වන විට පෝලිම් නැති කරපු නායකයා බව කීවද, ඔහු වටා සිටින හොරු නඩය හැර , නූතන රටේ ජනතාව මතු රජ කළ යුතු පක්ෂය කුමක්ද යන්න මේ වන විටත් තීරණය කර හමාරයි.

ලොකු ලොකු සංදර්ශන තියලා ජනතාව ලාබෙට රවට්ටන්න හිතුවට ද දැන් ජනතාව බුද්ධිමත්ව කල්පනා කරනවා. ඒ නිසා සැප්තැම්බර් විසි එක්වෙනිදාට නියත ජනපති අනුර කුමාර සහෝදරයා පත් කිරීමට , මේ හොරොව්පොතාන  අම්මා තාත්තා සහෝදර සහෝදරියන් තහවුරු කරල අවසන්. මාලිමාවේ අපි පළමු වතාවට තමයි හොරොව්පොතාන මේ අයුරින් විශාල පිරිසක් එක් රොක් කරගනිමින් මේ අයුරින් එක් වෙලා සිටින්නේ.

එදා රටේ  ජනතාවගේ  ඡන්ද අරගෙන බලයට පත්වුණ මෛත්‍රීපාල සේනානායක පරම්පරාවේ අය අද කොහෙද? සේමසිංහලා අද කොහෙද? මහින්දට අප්පච්චී කියපු අය අද වික්‍රමසිංහට අප්පච්චී කියනවා. එයාලා හිතන්න ඇති එයාලත් එක්ක ජනතාවත් යයි කියලා. නෑ. එයාලා එහෙට යනකොට ජනතාව මෙහෙට ඇවිත්. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරන්න සහය දක්වනවා. රටට හා ජනතාවට ,හරි පාර පෙන්වපු මාලිමාව එක්ක හරි පාරේ යන්න ආගම්ප ජාති භේද කුලයන්ට අතහැර එකා මෙන් පෙළ ගැසෙන්නට ජනතාව එකතුවෙලා.

අද ජාතික ජන බලවේගය වටා එක්වෙලා ඉන්න ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, කලාකරුවන්, කිසිවෙක් තමන්ට සත පහක දෙයක් පුද්ගලිකව ලබා ගැනීමේ, බලාපොරොත්තු නොවී රට හදන්න පෙරමුණ අරගෙන තිබෙනවා.  මේ වෙනස දැකලා , කලබල වෙච්ච කට්ටිය දැන් අලුත් අලුත් සන්ධාන හදනවා. ඒකට හිටපු කට්ටිය එකට වේදිකාවට නැගලා අපේ සහය සජිත්ට කියනවා. නැත්නම් අපේ සහය රනිල්ට කියනවා. මහබැංකුව කඩපු එකා ළඟට මාල කඩපු එකා යනවා. හොරා ළඟට යන්නෙ හොරා මිස වෙන කවුද? කුණු ගොඩට කුණු එකතු වෙනකොට හොඳ ටික අපි ගාවට ඇවිත්.අතීතයට වඩා , අනාගතයේ රට භාරගන්න පෙළ ගැහෙන තරුණ තරුණයින් , බුද්ධිමත් , මේ බුද්ධිමත් තරුණයින් , ඔවුන්ගේ වැඩිහිටියන්ටත් වඩා , අද ලෝකය දකිනවා, දැන් රටේ ජනතාව අන්දන්න අමාරුයි, අතීතයේ වාගේම , අදත් විවිධ සන්ධාන ගහගෙන,රට හදන්න කියලා,බලයට ඇවිත් සුර සැප විඳලා අවසානයේ රට බංකොලොත් කරලා, අවුරුදු පහක් ඉල්ලනවා, ඔය හිටපු නායකයෝ තව පත් උනත් එච්චර තමයි ඔවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.ඒ නිසා තාමත් ඔවුන් පස්සේ යන අම්මල තාත්තලා සහෝදර සහෝදරියන් ඉන්නවා නම්, තවත් පමා නැහැ, එන්න අපි එකතුවී රට හදමු.නැත්තං ඔබේ ඔබටත් ඔබේ දරුවාටත් මොවුන් රටක් නැති කරනවා.නැවතත් මම ආරාධනා කරනවා. එන්න ජාතික ජන බලවේගය වටා එක්වී අපි අපේ රට ගොඩනගමු කියලා”

ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය