හලාවත 69 හැවිරිදි කාන්තාවක් දුෂණය කර ඝාතනය කරලා(VIDEO)
දුෂණය කර ඝාතනය කරන ලද බවට සැකකරන අඩ නිරුවත් කාන්තාවගේ මල සිරුරක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
16 වැනිදා පෙරවරුවේ මෙම මල සිරුර හමුවී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ බිංගිරිය – මූකලන්හේන පදිංචිකාරියක් වන ප්ලෝරන්ස් දොන් අයිරාංගනී (අවු:69) නම්වූ තිදරු මවකි.
ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වන මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය 16 වැනිදා දහවල් හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් වින්ධ්‍යා පෙරමුණ මහත්මිය විසින් සිදු කරන ලදි.
හලාවත – මහවිලත්තව ප්‍රදේශයේ “රට මැද පාර”ට ආසන්නයෙන් ඇති අක්කර 50 ක් වන පොල් ඉඩමක ගේට්ටුව ඉදිරිපිට තිබී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර සොයා ගෙන ඇත.වත්තේ මුරකරු හිමිදිරියේ ගේට්ටුව විවෘත කිරීමට පැමිනෙන අවස්ථාවේ මිය ගොස් සිටින කාන්තාවගේ සිරුර දැක ඒ බව හලාවත පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.
මිය ගොස් ඇති කාන්තාවට කිසියම් යක්ෂාරූඩයක් ඇති බවත්,එම ආරූඩය සිරුරට ආවේෂ වීමෙන් අනතුරුව ඇය තැන තැන ඇවිද යමින් මත්පැන් සහ දුම්වැටි පානය කරමින් කාලය ගෙවන බව මිය ගොස් ඇති කාන්තාවගේ දරුවන් පොලීසියට පවසා ඇත.
මේ අතර,ප්‍රදේශයේ පොල් කැඩීම වෘත්තීයක් කර ගත් අයෙකු ගෝනියක් වැනි දෙයක් කර තබා ගෙන පැමිණ අදාල වත්ත දෙසට තමන් කරනවා දුටු බවට තවත් අයෙකු පොලීසිය හමුවේ පවසා ඇත.
මේ අතර,ඝාතනය සිදු කළ බවට සැකකරන මහ විලත්තව පදිංචි පොල් කඩා ජීවිකාව කර ගෙන යන 38 හැවිරිදි අයෙකුව සැකපිට බිංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මිය ගොස් ඇති කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත පොලීසියට නියෝග කලාය.
ජුඩ් සමන්ත