සජිත් ගෙන් ජනපතිට උත්තරයක්
රට තුළ මේ වනවිට ඇත්තේ ජනතාව පීඩාවට පත් කළ රට පතුලටම වැටුණු සාමාන්‍යකරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව අද (16) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමිනි.
2024 ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අද මහනුවරට පැමිණියේය.
ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස මහතා,
“ජනපති කියනවා දැන් හැමදේම සාමාන්‍යයයි කියලා. ඇත්තම කතාව… ජනතාවගේ රැකියා අහිමිවෙලා. දුප්පත්කම වැඩිවෙලා. නව සාමාන්‍යයක් ඇතිවෙලා තියෙනවා ජනතාවගේ ආර්ථිකය කුඩා කරලා.”
මේ අතර ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද පළ කරමින් ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් ජය පිරිත් සඡ්ඣායනයක් මහනුවර නාථ දේවාල භූමියේදී පැවැත්වුණි.