මන්නාරම මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්ලය උත්සවාකාරයෙන් වෙයි.
ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්ලයේ අවසන් දේව මෙහෙය බැතිමතුන් ලක්ෂ 5 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් අද උදෑසන අවසන් වූ බව මඩු දේවස්ථානයේ පාලක මණ්ඩලය පවසා සිටියේය.
අවසන් මහා දිව්‍ය පූජා දේව මෙහෙය අද (15) උදෑසන 6.15 ට පැවති අතර එම දේව මෙහෙය මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්ව අතර මඩු දේවස්ථානයේ ඥානප්‍රකාශම් පියතුමන් ඇතුළු ගරු පූජා ප්‍රසාදීන් වහන්සේලා රැසකගේ සහභාගීත්වයෙන් දිව්‍ය පූජාව පැවත්වුණි.
අවසන් දේව මෙහෙය අවසන් වීමෙන් අනතුරුව මරඳමඩු ජපමාල දේව මාතාවගේ පිළිරුව මඩු දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා වීදි සංචාරයකද රැගෙන යන ලදි.
මඩු වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ හා මඩු පොලීසිය විසින් අවහ්‍ය පියවර ගෙන තිබුණි.
වන්නි රොමේෂ් මධුෂංඛ