දේශපාලන වියවුලක් නිර්මාණය වෙලා -අමාත්‍ය පේශල ජයරත්න (Video)
උතුරු මැද පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා ඒ අදහස් පල කර සිටියේ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තරග වැදී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පොදුජන පෙරමුණු,ශ්‍රී ලංකා නිදහස් පාක්ෂ හා එක්සත් ජාතික පක්ෂ වල ක්‍රියාකාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ හවස දිඹුලාගල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වෙමිනි.
මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා ඇතුලු පොදුජන පෙරමුණු ,ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හා එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු මැද පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා තම අදහස් මෙසේ දක්වා සිටියේය.
අපේ රටේ මේවනවිට දේශපාලන වියවුලක් නිර්මාණය වෙලා.තියෙනවා .මේ වියවුල නිර්මාණය කලේ මේ රට පාලනය කරපු පාලකයන් .ඒකට මේ රටේ ඉන්න ලක්ෂ 16ක් වන රාජ්‍ය නිලධාරීනුත් වගකිවයුතුයි.
මේ ක්‍රමය වෙනස් කල යුතුයි.
නිදහසෙන් පස්සෙ පහුගිය අප්‍රේල් 12දා බංකොලොත් බවට ප්‍රසිද්ධියට පත් කලා.රටේ තෙල් විදුලිය ආහාර නැතුව රටේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වුනා.නීතිය හා සාමය බිද වැටුනා.
මේ බිද වැටිච්ච රට බෙරාගත්ත භාර ගන්න මේ රට ඉදිරියට ගෙනියන්න ඒ වෙලාවෙ කවුරුත් මේ රට භාරගත්තෙ නෑ .ඔය දැන් රට භාරගන්නවා කියන අනුර කුමාරවත් සජිත් ප්‍රේමදාස පුතාණෝවත් ඒ වෙලාවෙ රට භාරගන්න කිවුවහම රට භාරගන්නෙ නැතුව පැනල ගියා. ඒ නිසා මේ අවස්ථාවේ පහුගිය කාලෙ වගේ පක්ෂ බේදයෙන් තොරව පක්ෂ ගණනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව කටයුතු කරමින් ඉන්නවා ජනාධිපතිවරණයේදී සියළු පක්ෂ සහයෝගයෙන් මේවනවිට මැතිවරණ කටයුතු කරනවා ඒ නිසා මේ වෙලාවෙ අපි කටයුතු කරන්න ඕන මේ රට මේ තියෙන තැනින් මේ රට ගොඩගන්න පුලුවන් නායකයෙකුට මේරට භාරදෙනවාද කියලා සිතිය යුතුයි .ඒ නිසා මේ රට නැවත තිබුණු තැනින ගොඩ ගන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ පමණයි.ඒ නිසා මේ මැතිවරණයේදී ලක්ෂ 70ක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ මහතා ලබන බව අපි කියනවා.ඒක අපි කියන්නෙ පහුගිය මැතිවරණ ප්‍රතිඵල දිහා බලලා හා රටේ වර්තමාන දේශපාලන තත්වය සලකා බලලයි.
මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් නාලක කොලොන්නේ මහතා තම අදහස් මෙසේ දක්වා සිටියේය.
මේ වෙලාවෙ ජනාධිපතිවරණය පැවැත්වීම සදහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අවස්ථාවක්.ඒ පිලිබදව ඔබ සියළු දෙනා හොදින් අවබෝධකරගෙන ඇති නිසා තමයි ඔබ අද මෙතනට ඇවිල්ලා ඉන්නෙ.හැබැයි එකක් තියෙනවා මම මාසයකට පස්සෙ පෙරේදා තමයි රට ඉදන් ආවෙ.ඒ ආව වෙලාවෙ ඉදන් ගොඩ දෙනෙක් මට දුරකථන ඇමතුම් දුන්නා ඒ ගොඩදෙනෙක්ගෙ උනන්දුවක් අවශ්‍යතාවයක් තියෙනවා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතාට චන්දයක් දීලා නැවත වරක් එතුමා ජනාධිපතිවරයා බවට පත් කර ගන්න.අපි ඒ කටයුත්ත පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ වේගවත් වෙලා නෑ.හිටපු මහ ඇමතිතුමා යම් යම් වැඩපිලිවෙලවල් ආරම්භ කරලා තියෙනවා.කොහොම හරි මේ වැඩකටයුත්තට මුලපුරලා තියෙනවා අපිටත් අපේ පාක්ෂිකයින්ට හයියක් වෙන්නත්.මොකද සමහර අයගෙ අපි මොනවත් කරන්නෙ නැද්ද කියල සමහර අයගෙ චකිතයක් තියෙනවා.ඒ නිසයි එන්න තීරණය කලේ.මම නැවත නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා පත්කර ගැනීමේ අවශ්‍යතාව පිලිබදව.ඉතින් අපි ඉදිරි සති කිහිපය තුල අපි මේ මැතිවරණ වැඩපිලිවෙල වේගවත්ව දියත් කල යුතුයි. ජනාධිපතිතුමාගේ අනුරාධපුර රැස්විමටත් පොළොන්නරුවේ තියෙන රැස්වීමටත් අපි සූදානම් විය යුතුයි.අපි ගම්වල තියෙන රැස්වීම් කරලා ,රැස්වීම් වලටත් වඩා ගම්වල ගෙයින් ගෙට ගොස් කැන්වසින් වැඩිපුර කරලා මේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.අපි වෙනදා කරගෙන ගියා වගේ මේ මැතිවරණය ශක්තිමත්ව කරන්න පුලුවන් වෙයි.
නිමල් ජයරත්න