කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියෙකු පලා යයි

පොළොන්නරුව වැලිකන්ද කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියෙකු එම පුහුණු මධ්‍යස්ථානයෙන් 15 වෙනිදා දහවල් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස පලා ගොස් ඇත්තේ  පොළොන්නරුව කළුකැලේ බඳනාගල ප්‍රදේශයේ පදිංචි  අවුරුදු විසිහයක් වයසති තරුණයෙකු බවද පරීක්‍ෂණ සිදු කරන පොලිසිය සඳහන් කරයි.

කන්ඩකාඩු පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථාන තුළ රැඳවියන්  94 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිට ඇති අතර මේ වනවිට රැඳවියන් අනූතුන්දෙනෙකු එහි සිටින බවද කන්දකාඩු පුනරුත්ථාපන පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරියකු අප කළ විමසීමකදී කීවේය.
පලාගිය රැඳවියා 2024 අගෝස්තු 11 වෙනිදා මාස හයක දඬුවම් කාලයකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට පුනරුත්ථාපනය වීම සඳහා සිරිපුර පොලිස් වසමේ සිට පැමිණ ඇති බවද සඳහන් වෙනවා.

පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව මගින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද වැලිකන්ද පොලිසියේ නිලධාරියකු අප කල විමසීමකදී සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කන්දකාඩු යුද හමුදා කඳවුරේ යුද හමුදා නිලධාරීන් පිරිසක් සහ වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකරයි.

 

දුලංජලා අබේසිංහ දෙහිඅත්තකන්ඩිය