ලංකාවේ ප්‍රථම අලි රෝහල (VIDEO)
අලි ඇතුන්ට නොමිලේ ප්‍රතිකාර කරන සායනයක් කෑගල්ල රන්දෙනියේ මිලේනියම් එලිෆන්ට් ෆවුන්ඩේෂන් හීදී ආරම්භ කරයි.
කෑගල්ල රඹුක්කන මාර්ගයේ රන්දෙනිය ප්‍රදේශයේ පිහිටි මිලේනියම් එලිෆන්ට් ෆවුන්ඩේෂන් ආයතනය විසින් මෙම සායනය ආරම්භ කර ඇත
ශ්‍රී දළදා මාළිගාවේ පශුවෛද්‍ය ඒකකයේ පශුවෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ඇතුළු පිරිසක් විසින් අලි ඇතුන්ගේ රුධිරය මළ මූත්‍රා පරික්ෂා කර අනතුරුව අවශ්‍ය ඖෂධ ලබා දෙනු ලබයි ඒ සඳහා කිසිදු මුදලක් අය නොකරයි අවශ්‍ය ඖෂධ හා අනෙකුත් දේ සඳහා මිලේනියම් එලිෆන්ට් ෆවුන්ඩේෂන් ආයතනය අනුග්‍රහය දක්වනු ලබයි .
තමන්සතු හීලෑ අලි ඇතුන් රෝගාතුර වුවහොත් අලියා හෝ ඇතා මෙම ස්ථානයට ගෙන ඒමෙන් එසේ නොමැතිනම් මෙම ස්ථානයට දැනුම් දීමෙන් පශුවෛද්‍යවරුන් සත්වයා සිටින ස්ථානයට ගොස් ප්‍රතිකාර කිරීමටද පහසුකම් සපයන බව වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා පවසයි
ජී.ඒ.යූ.පී.සාලිය කෑගල්ල