බස් රථ ධාවනය කිරීමේදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යයි.

බස් රථ ධාවනය කිරීම පිළිබදව ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් අනතුරුව සිදුවූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලබා ඇති ලංගම බස් රථ රියදුරෙකු සහ පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ඉකුත් 14 වැනිදා හලාවත බස් නැවතුම්පලේදී මෙම ගැටුම සිදුවී ඇත. රෝහල් ගත කර ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හලාවත ඩිපෝවේ රියදුරෙකු සහ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි.

රෝහල් ගත කර ඇති දෙදෙනා සේවය කරමින් සිට ඇති බස් රථ දෙකම හලාවත – බොරළුවැව අතර ධාවනය සදහා යොදවා තිබී ඇත. 14 වැනිදා දහවල් බොරළුවැවේ සිට හලාවත දක්වා බස් රථ ධාවනය කිරීමේදී සිදුවී ඇති ගැටළුවක් හේතුවෙන් ගැටුම හට ගෙන ඇති බව පොලීසිය කියයි. හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත