පොල් අහුලන්න ගිය කාන්තාවක් විදුලි සැර වැදී මරුට(VIDEO)
රිලවුන් හා ඌරන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීමට යෙදු සූර්යබල විදුලිය වැදි කුඹුරට වැටුන පොල් අහුලන්න ගිය 62 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි කෑගල්ල පොලීසිය පවසයි
කෑගල්ල අටුගොඩ දමුණුපොල ප්‍රදේශයේ පදිංචි ඇතුගල්පේඩිගේ ඇසිලින් ගුනවති නැමති 62 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව පදිංචි නිවස ආසන්නයේ ඇති කුඹුරට පොල් වැටෙන අතර මෙම කාන්තාව දිනපතා පොල් ඇහිලීම සිදුකරන බවද අනාවරනය වී ඇත.
මෙම කුඹුරේ ගොයම සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුඹුර ආසන්නයේ සූර්ය බල විදුලි පද්ධතියක් සවිකර කුඹුර වටා විදුලි රැහැන් ඇද තිබුනි
මියගිය කාන්තාව පොල් ඇහිලීමට ඊයේ දින 13 උදෑසන කුඹුරට ගොස් ඇති අතර නොසැලිකිලිමත් ලෙසින් ඇද තිබු විදුලි රැහැනක් පැටලි විදුලි සැර වැදි කුඹුර අයිනේ නියර මත වැටි මියගොස් සිටියදි කුඹුරු හිමියා දැක අති බව පොලීසිය පවසයි.
කෑගල්ල පොලීසියට කල දැනුම් දීමක් අනුව කෑගල්ල පොලිස් කොට්ඨාශ ස්ථානීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කලේය
ලංකා විදුලි බල මංඩලයේ ඉංජිනේරු වරයකු පැමිණ සූර්ය බල විදුලි පද්ධතිය පරික්ෂාකර මෙම විදුලිය වැදිමෙන් මරණයක් සිදුවිය හැකිබවට පවසා ඇත
ගලිගමුව හදිසි මරණ පරීක්ෂිකා ලලිතා නන්දනි මහත්මිය එම ස්ථානයට ගොස් විමර්ශණය කර මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණය වෙත ගෙන යන ලෙස පොලීසියට නියෝග කලාය.
ඒ අනුව මේ මරණය සම්බන්දයෙන් කෑගල්ල පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි
ජී.ඒ.යූ.පී.සාලිය කෑගල්ල