පාසල් සිසුන් සහ ඇගලුම් සේවකයින් ගමන් කළ බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි..19ක් තුවාල ලබයි.

අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේදි බස් රථ දෙකක් ගැටී පුද්ගලයින් 19දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

අනුරාධපුර පොලිසිය පැවසුවේ පාසල් සිසුන් රැගෙන යමින් සිටි සිසු සැරිය බස් රථයක් හා ඇඟලුම් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් එකිනෙ ගැටිමෙන් ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෙම අනතුර සිදුව තිබුණේ, පාසල් සිසුන් රැගත් සිසුසැරිය බස් රථය පාසල් සිසුන් නංවා ගැනීම සඳහා ශ්‍රාවස්තිපුර හන්දිය ආසන්නයේ නවතා තිබියදි ඒ පිටුපසින් පැමිණි ඇගලුම් සේවිකාවන් රැගත් බස් රථය සිසුසැරිය බස් රථයේ පිටුපස ගැටි මෙන්.

එම අනතුරින් සිසු සැරිය බස් රථයේ ගමන්ගත් සිසුන් සිව්දෙනෙකුත් එම බස් රථයේ රියැදුරා සහ ඇගලුම් හල් සේවිකාවන් පැමිණි බස් රථයේ ගමන්ගත් කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවයි පැවසෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් ඇඟලුම් කම්හල් සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයේ රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.