පාකිස්තාන බුද්ධි අංශයේ හිටපු ලොක්කා අත්අඩංගුවට

හමුදාව දුර්වල කිරීම රට දුර්වල කිරීමකට සමාන බව පාකිස්තාන  හමුදා ප්‍රධානියා පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ අදට යෙදී ඇති පාකිස්තානයේ නිදහස් දිනයට සමගාමීවය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තාන හමුදාව විසින් හිටපු බුද්ධි අංශ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෆයිස් හමීඩ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබූ බවය.

හමුදා පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔහුව ඉකුත් සඳුදා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.