අඟහරු – බ්‍රහස්පති සංගමනය/ ග්‍රහ යුද්ධය (VIDEO)
අඟහරු – බ්‍රහස්පති සංගමනයක් (Mars – Jupiter conjunction) (15 වැනිදා) අලුයම නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවාසීන් හට අවස්ථාව උදා වී ඇතැයි නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න (14 වැනිදා) පැවසීය.
මෙම සංසිද්ධිය සතියක් පුරා දැක බලා ගැනීමට හැකියාව පවතින බවත් (27 වැනිදා) මෙම ග්‍රහලෝක දෙක චන්ද්‍රයා සමග ඉතා කිට්ටුවෙන් තිබෙන අයුරුද දැක ගැනීමට හැකි බව හෙතෙම පැවසීය.
සංගමනයක් යනු පෘථිවියේ සිට නිරීක්ෂණය වන පරිදි ඕනෑම ආකාශ වස්තු දෙකක් අහසේ එකිනෙකට ඉතාමත් සමීපයෙන් දර්ශනය වීමයි. රාත්‍රී අහසේ මෙලෙස චන්ද්‍රයා සම්බන්ධ සංගමන බහුලව සිදුවන නමුත් ග්‍රහලෝක දෙකක් අතර මෙලෙස සංගමනයක් දර්ශනය වීම ඉතා දුර්ලභ සංසිද්ධියක් බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථායේ තාරක විද්‍යා අංශය සඳහන් කරයි.
නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මෙසේ පැවසීය.
“අගෝස්තු මාසය අහසේ චමත්කාර දසුන් මවන මාසයක්. විවිධ තාරකා සංසිද්ධීන් කිහිපයක් දැක ගැනීමට හැකියාව තිබෙනවා. (15 වැනිදා) අලුයම ග්‍රහලෝක දෙකක් එකට එකතු වෙනවා දැක ගැනීමට පුළුවන්. ග්‍රහ සංගමනයක් කියලා අපි එයට කියනවා. (15 වැනිදා) අලුයම 1.24ට පමණ අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක දෙක එකවර නැගෙනහිර ක්ෂිතජයෙන් පායනවා. වලා පටල තිබෙන නිසා නැගෙනහිර ක්ෂිතජයෙන් පායපු ගමන් මෙය නිරීක්ෂණය කිරීමට අපහසුයි. අලුයම 4ට 5ට පමණ නැගෙනහිර දෙසට බරව අපි අහස දෙස බැලුවොත් මෙම ග්‍රහලෝක දෙක ඉතාම ළඟින් ගමන් කරන අයුරු දැකගැනීමට පුළුවන්. මෙය සතිය පුරාම දැක ගැනීමට හැකි වේවි.
මෙවැනි සිද්ධියක් නැවත දැක ගැනීමට හැකි වන්නේ 2033 වර්ෂයේදී.
(27 වැනිදා) අලුයම් කාලයේදී චන්ද්‍රයාත් සමග ඉතාම කිට්ටුවෙන් මෙම අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක දෙක තිබෙන අයුරු දැක ගැනීමට පුළුවන්.
අහසේ තිබෙන දීප්තිමත්ම ග්‍රහලෝකය වන්නේ බ්‍රහස්පති ග්‍රහයයි. රතු ග්‍රහයා අපේ පෘථිවියට වඩා කුඩායි. එය රතුවෙන් දිස් වන නිසා මෙම ග්‍රහලෝක දෙක හඳුනා ගැනීමට පහසුයි. මෙය ඉතා චමත්කාර දසුනක් ලෙස දැකගැනීමට හැකි වේවි. මෙය පියවි ඇසින් දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා.”