දක්ෂිණ අධිවේගයේ වෑන් රථයක් පෙරළීමෙන් කුඩා දැරියක් මිය යයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඇල්පිටිය ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් අවුරුදු දෙකයි මාස 2ක් වයසැති දැරියක් මිය ගොස් තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථවේ එම වෑන් රථයේ 12 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ තවත් දරුවන් දෙදෙනෙකු ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ – මත්තල දෙසට ගමන් කරමින් තිබූ එම වෑන් රථයේ පිටුපස ටයරයක සුළං බැසීම හේතුවෙන් එය මාර්ගයේ ආරක්ෂක වැටේ වැදී පෙරළි යාමෙන් මෙම අනතුර සිදුවුණා.