ඉන්දියාව ගැන අමෙරිකාවේ ස්ථාවරය
ඉන්දියාව සමග අමෙරිකාවේ සබඳතාව ලෝකයේ වඩාත්ම ශක්තිමත් සබඳතාවලින් එකක් ලෙස ජනාධිපති ජෝ බයිඩන් සලකන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම අමෙරිකාව සහ ඉන්දියාව දෙරටටම වැදගත් ප්‍රමුඛතා මත ඒකාබද්ධව සහ සහයෝගයෙන් කටයුතු කරන බවත් ධවල මන්දිරයේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.
වඩාත් සුරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අමෙරිකාව අඛණ්ඩව ඉන්දීය සබඳතා ශක්තිමත් කරගන්නා බවද එම වාර්තා සඳහන් කරයි.