බ්‍රිතාන්‍යය අගමැතිගෙන් ඉරාන ජනපතිට ඇමතුමක්

ඊශ්‍රායලට ප්‍රහාර එල්ල කිරීමෙන් වලකින ලෙස බ්‍රිතාන්‍යය, ඉරානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ඉරානයේ නව ජනාධිපති මසෝඩ් පෙසෂ් කිආන් වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයෙකු සහ ඉරානයේ ජනාධිපතිවරයෙකු අතර මෙලෙස දුරකතන සංවාදයක් සිදුව ඇත්තේ, 2021 වසරේ මාර්තු මාසයෙන් පසුව බවද සදහන්.