ඩොලරය 300න් පහළට
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 299.66 ක් ලෙසින් වාර්තා වී තිබේ.
2024 මැයි 27 දිනෙන් පසු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 295.08 ක් හා විකුණුම් මිල රු. 304.27 ක් ලෙසින් සටහන් වී ඇත.