අඹ ගසේදී කෙලවර වුනු අඹු-සැමි ආරවුල..
හොරොම්පොතාන පොලිස් බල ප්‍රදේශයට අයත් මොරකෑව ප්‍රදේශයේදී වෛද්‍යවරයකුගේ සිරුර අඹගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි හොරොව්දෙතාන පොලිසිය වාර්තා කර තිබේ .
මියගොස් ඇත්තේ, චාමර චතුරංග නමැති තිස් අට හැවිරිදි තිදරු පියෙකි.
කැබිතිගොල්ලෑව මූලික රෝහලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස කටයුතු කළ මෙම වෛද්‍යවරයා සිය බිරිඳගේ මහ ගෙදර පදිංචි වී සිට ඇති අතර, එදින ඇතිවූ පවුල් ආරවුලක් මත මෙලෙස සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරනු ලබයි .
වෛද්‍යවරයාගේ බිරිඳ හෙද සේවිකාවක බව ද පොලිසිය සඳහන් කළේය.
ඔහුගේ මෘත දේහය පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර,හොරොව්පොතාන පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.