ග්‍රීසියේ හටගත් ලැව් ගිනි නිසා ප්‍රදේශවාසීන් රැසක් ඉවත් කරයි

ග්‍රීසියේ ඇතන්ස් නගරයට උතුරින් දිගින් දිගටම පැතිර යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසක් නිවෙස්වලින් ඉවත්කර තිබෙනවා.

එම ගිනිදැල් මීටර 25ක් තරම් ඉහළට පැතිරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වර්ණවාස් නගරයේ නිවාස සහ දේපළ ගිනි ගනිමින් පවතින අතර, ප්‍රදේශය අතහැර ගමන් කිරීමට උත්සහ කළ රථවාහන 25ක පමණ සිරවී සිටි පිරිසක්ද මුදාගැනීමට ගිනි නිවන භටයින් සමත්වී තිබෙනවා.

වර්නාවාස් නගරයේ ඊයේ දහවල් ආරම්භ වූ ලැව්ගින්නෙන් රාත්‍රිය වනවිට වර්ග කිලෝමීටර් 100ක භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව සඳහන්.

ග්‍රීසියේ මේ වනවිට පවතින අධික උෂ්ණත්වය සහ දැඩි සුළං තත්වය ගින්න පැතිර යාමට හේතුවී ඇති බව සඳහන්.