උගන්ඩාවේ කසළ කන්දක නායයෑමකින් 18ක් මරුට

උගන්ඩාවේ, කම්පාලා අගනුවර කසළ කන්දක් නායයෑමෙන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා.

වසර ගණනක් පැරණි එම කසළ කන්ද අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑමට ලක්ව ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි නිවාස ඊට යට වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

නායගිය කසළ කන්දට තවත් පුද්ගලයන් රැසක් යටවී සිටින බැවින් ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ වනවිට ඊට යටවූ 14 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.