පැරිස් ඔලිම්පික් මීටර් 100 ලෝක ශූරයාට කොවිඩ්

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 100 රන් පදක්කම දිනාගත් අමෙරිකාවේ නෝවා ලයිල්ස්ට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා (05) පැවති මෙම තරගයේදී තත්පර 9.79ක කාලයක් වාර්තා කරමින් ඔහු රන් පදක්කම දිනාගත්තා.

ඔහුට මෙම සතිය මුලදී කොවිඩ් -19 ආසාත්මික බව තහවුරු වූ නමුත් ඊයේ රාත්‍රියේ පැවති මීටර් 200 ධාවන තරගයට කෙසේ හෝ ඔහු සහභාගී වූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, ඔහු තත්පර 19.70ක් වාර්තා කරමින් මීටර් 200 තරගය අවසන් කර ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

බොට්ස්වානාහි ලෙට්සයිල් ටෙබෝගෝ (19.46) එම ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් අතර, නෝවාගේ සඟයා වූ අමෙරිකාවේ කෙනත් බෙඩ්නරෙක් (19.62) රිදී පදක්කම දිනාගෙන තිබෙනවා.

එමෙන්ම වෛරසය අසාදනයෙන් පසු නෝවා මෙවර ඔලිම්පික් තරගාවලිය සම්බන්ධව පවසා ඇත්තේ, වෛරසය හේතුවෙන් ඔහුගේ ඔලිම්පික් ක්‍රීඩා අවසන් වූ බව විශ්වාස කරන බවයි.

මේ අතර, ඔලිම්පික් උළෙල අතරතුර වෛරසය අසාදනය වූ එකම ක්‍රීඩකයා ලයිල්ස් නොවන බව ද මාධ්‍ය වාර්තා කරනවා.

ඕස්ට්‍රේලියාවේ කාන්තා වෝටර් පෝලෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහ පිහිනුම් ක්‍රීඩක ඇඩම් පීටි පසුගිය සතියේ කොවිඩ් -19 අසාදනය වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.