කන්දකැටිය තැන්නෙපංගුව ප්‍රදේශයේ පාසල් දැරියක් ඊයේ (06) සවස පාසල නිමවා නිවස බලා යමින් සිටියදී කුඩා දොළකට වැටී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කන්දකැටිය තැන්නපංගුව යටිරාගල්ල පදිංචි තැන්නෙපංගුව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන භාග්‍යා හංසිමා නැමැති පහළොස් හැවිරිදි දැරියක්.

සිය දියණිය සුපුරුදු පරිදි පාසල නිමවා නිවසට නොපැමිණීම හේතුවෙන් කලබලයට පත් ඇගේ මව සිය දැරිය ගමන් ගන්නා මාර්ගයේ ගොස් සොයා බලා ඇති අතර එහිදී අදාළ දැරිය දොළ පහරට වැටී සිටින අයුරු දැක තිබෙනවා.

මව විසින් වහාම දැරියව කන්ද කැටිය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඇය මියගොස් තිබූ බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ දැරිය මීමැස්මුර රෝගයෙන් පෙළෙන බවත් අතර පාසල නිමවා නිවස බලා යමින් සිටියදී මෙම දොළ පහර අසලදී මී මැස්මුර රෝගය වැළඳී දොළපහරට වැටී මිය යන්නට ඇති බවත් මේ වන විට සැකපල කරනවා.

කෙසේ වෙතත් දැරියගේ මරණය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඇයගේ සිරුර මහියංගන මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.