කන්කසන්තුරේ පිහිටා ඇති සිමෙන්ති කර්මාන්තශාලා භූමිය පුරා විසිරී තිබෙන යකඩ හා අනෙකුත් ලෝහ කොටස් එක්රැස් කර කර්මාන්තශාලා පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම ප්‍රසම්පාදනය සඳහා ලංසුකරුවන් හය දෙනෙකු (06) ඉදිරිපත් වී ඇති අතර, එයින් තිදෙනෙක් ලංසු ලේඛන අනුව සුදුසුකම් නොලැබීම මත ප්‍රතික්ෂේප වී තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද ලංසුකරු වන Luminex PLC වෙත එම ප්‍රසම්පාදනය පිරිනැමීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.