රටට – ජනතාවට වගකිව හැක්කේ ජාජබට පමණයි

අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් යැයි එම පක්ෂයේ නායක  ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය

වර්තමානයේ මේ රටේ සිදුවන අන්දමේ අප්‍රසන්න දේශපාලන සිදුවීම් මීට පෙරකවර කලකවත් සිදුවී නැති බව පැවසූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට අප්පච්චි කී අය දැන් රනිල් වික්‍රමසිංහ මහතාවද අප්පච්චී ලෙස හඳුන්වන බව කීය

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් එළියට යන විට පොහොට්ටු පක්ෂයේ සභාපති  මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම පක්ෂය  තුළට රිංගා ඇති බවද  සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන හිරේ දමන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ නිදි බවද ඔහු කීය.

මහදවල් මහදවල් මහ බැංකුව  සොරා කෑවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ අංක 16 යටතේ කොළඹට තරග කළ තමන් මහා ප්‍රාඥයා ලෙස හැඳින්වූ බන්දුල ගුණවර්ධන  මහතා ද අද වික්‍රමසිංහ මහතා ළඟට ගොස් ඇති බවකි. ඒ මහතාඒ අනුව හොරා යයි  කියූ තැනැත්තත් හොරා ලෙස සලකන තැනැත්තා ළඟට ම යෑම සරදමක් බව පැවසිය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ මාලිගාවත්ත පී ඩී’ සිරිසේන ක්‍රීඩාංගනයේ ඊයේ පැවති ිශ්‍රාමික ම් ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමිනි