කාන්තා 20යි 20 ලෝක කුසලාන බංග්ලාදේශයට අහිමි වෙයිද ?

ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ද මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමට නොහැකි වුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව යන රටවල් තුනෙන් එකකදී පැවැත්වීමට කටයුතු කරන බවය.