පොළොන්නරුව අම්බලම සිදුවූ මාරක රිය අනතුරකින් 23 දෙනෙකු තුවාල ලබයි.
පොළොන්නරුව අරලගංවිල – මහඔය ප්‍රධාන මාර්ගයේ මාදුරුඔය එන්.ඩී.කේ ජලාශයට හැරෙන හන්දියට ආසන්න අම්බලම ප්‍රදේශයේදී 03 වෙනිදා රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් 23 නෙකු තුවාල ලබා අරලගංවිල ප්‍රාදේශීය රෝහලට හා මහඔය මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බව මහා ඔය පොලිසිය කියයි.
මෙම බස් රථ අනතුරින් කාන්තාවන් 12 ,ක් ළමයින් 8 සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන මහඔය පොලිසිය පවසයි.
පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එක් බස් රථයක් අනුරාධපුරයේ සිට අම්පාර උහන ප්‍රදේශය බලා හා අනෙක් බස් රථය අම්පාර දීඝවාපිය චෛත්‍ය වන්දනා කොට කුරුණෑගල ,මහව ප්‍රදේශය බලා ධාවනය වෙමින් තිබුණි.
අනතුරට සම්බන්ධ අනුරාධපුරයේ සිට වන්දනාකරුවන් රැගත් බස් රථයේ රියදුරු අධික වේගය හා අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහඔය පොලීසිය පවසයි.
අනතුරින් අම්පාර දීඝවාපිය සිට කුරුණෑගල දක්වා වන්දනාකරුවන් රැගත් බස් රථයේ රියදුරු හා අනතුරට සම්බන්ධ බස් රථ දෙකේ දෙදෙනෙකු බරපත තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම අනතුරට සම්බන්ධ අනුරාධපුරයේ සිට අම්පාර උහන දක්වා බස් රථය ධාවනය කල බස් රථ රියදුරුවරයෙකු මහඔය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අනතුර පිලිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු අම්පාර මහඔය පොලිසිය මගින් සිදු කරනු ලබයි.