ජීවිතයේ සැදෑ සමය ගෙවන සියලු දෙනාටමත් විශ්‍රාම වැටුපක්

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි කිරීමෙන් පසුව චන්ද්‍රසේන අමාත්‍යවරයාට ජීවත්වීම සඳහා හිරේ නොගොස් එළියෙ හිටියොත් ඔහුට දිමනාවක් ලෙස අනිත් අයට ලැබෙන පින් පඩියක් ලබා දීමට කටයුතු කරන බවත එම ආණ්ඩුවක් යටතේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක අහෝසි කරන බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේය.

මේ රටේ පුරවැසියන්ට ජාතික ජන බලවේගය අන්ඩුවක් යටතේ තමන්ට බැරි වුණු දවසේ අසරණ කරන්නේ නෑ අසරණ වුන රැකියා නොමැති අයට , ජීවිතයේ සැදෑ සමය ගෙවන සියලු දෙනාටමත් විශ්‍රාම වැටුපක් ලබා දෙන බව සමරසිංහ මහත පසුගිය (4) කහටගස්දිගිලිය පුස්තකාල ශ්‍රවණාගාරය පැවති හොරොව්පොතාන ජාතික ජනබල වේගයේ කාන්තා සමුළුවට එක්වෙමින් පැවැත් වූ දේශනය අතරවාරයේ පැවසීය.

එම අවස්ථාවේ දි ඒ මහතා මෙසේ පැවසීය.

“මේ දිනවල අපූරු සිදුවීම් සිදුවෙනවා දැන් චන්ද්‍රසේන කොයි පැත්තෙද රනිල් ළඟද මහින්ද ළඟද චන්දරේ යනවද රනිල් ළඟට මහින්ද නොදැන දැන් තේරෙනවද මහින්දලාට සිද්ධවෙලා තියෙනවා රනිල් ගාවට යන්න රනිල්ලා මහින්දලා එකට එකතු වෙන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි, ඔඔවුන් බය වෙලා ඉන්නේ එළඹන නොවැම්බර් විසි එක් වෙනිදා අනුර දිසානායක මේ රටේ ජනාධිපතිවරයා වන නිසා.

එම නිසා මේ අය දැන් පැත්ත මාරු කරනවා 2005 ඉඳන් චන්දරේ මහින්දත් එක්ක හිටියේ ,අද මහින්දලා රනිල් ළඟට යනවා .මේ අය දැන්ඇ දන්නවා පොහොට්ටුව දිනන්නේ නැති බව. දැන් චන්දරේට රනිල් හොද වෙන්නේ ඇයි , අලුතෙන් යන්න තැනකුත් නෑ ඉන්න තැනකුත් නෑ, අලුතෙන් පෙන්නන්න හදනවා රනිල් දිනයි වගේ කියලා. හැබැයි රනිල් ස්වාධීනයි ඇප තැන්පත් කරලා තියෙන්නේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස, රනිල් ඇයි එහෙම ඇප බඳින්නේ ,රනිල්ට ෂුවර් නෑ දිනන්න පුළුවන් වෙයිද කියලා.

එම නිසා රනිල් බලනවා වටේම ඉන්න අය එකතු කරගන්න, ඇයි ඉන්න අය ෂුවර් නෑ උදේ එකෙක් රනිල් ළඟ, හවසට වූ සජිත් ළඟ ආපහු දවල්ට ඔහු අතරමග , අයෙත් රෑට උම්ම රනිල් ගාව ඒ නිසා අතරමඟ හතර වටේ උන් එකට එකතු කරන්න ඕන නිසා තමයි රනිල් ස්වාධීන අපේක්ෂක වුණේ.

ඉදිරියට එන ඡන්දෙ ඉලක්ක කරගෙන , ඔය දැන් බඩු බෙදන්න එන ගෝලයන්ටයි යාළුවන්ටයි කියන්න ඕන උඹල අවුරුදු හැත්තෑ හයක් තිස්සේ බෙදුවා පොඩි එකාගේ පංචායුදය බැංකුවට සින්න වෙනකම්ම බෙදුවා. ගෙදර ලුණු පොල් කට්ට හිඳනකම්ම බෙදුවා අපි අද අතරමං වෙලා.

 

භාණ්ඩාගාරයේ හිස් කරා මහා බැංකුව හිස් කරා උන් ගෙනල්ලා මහ පුටු වල තියලා ආපහු අපිට ඇවිල්ලා කියනවා දෙන්නලු රට ඉස්සරහට ගෙනියන්න.

චන්ද්‍රසේනලා මාවිල්ආර අමුණෙන් හොරා කාලා මහින්දලාට කියලා ඇප අරන් හිටියට මාවිල්ආරු හොරොව්ව වහපු වෙලාවේ ගොවි විශ්‍රාම වැඩුප සුද්ද කරලා චන්දරේගේ නෝනගෙ ගිණුම් වලට මුදල් ආවේ, ඒ වෙලාවේ ,හිටපු සභාපති ,මෑන් හිරේ ගියේ නිකන් නෙමෙයි, පස්සේ ඇප ලබලා එළියේ හිටියට නඩුව තව තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න වහගෙන හිටපු මිනිස්සු හිතනවා රනිල් එක්ක ගිහිල්ලා හරි මේ ප්‍රශ්න විසඳගන්න”

යනුවෙන් ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා හොරොව්පතාන එම සංවිධානයේ කාන්තා සමුළුව අමතමින් පැවසීය

  • ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය