සහාය ජනපතිටමයි – වාරියපොළ බල මණ්ඩලය ඒකමතිකව තීන්දු කරයි

රට යළි ගොඩ නැගීම සඳහා ගරු ජනාධිපතිතුමන් ගෙනයන වැඩපිළිවෙළට තවදුරටත් සහාය දැක්විය යුතු බවටත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විය යුතු බවටත් අද රැස්වුන පොදුජන පෙරමුණේ වාරියපොල ආසනයේ බල මණ්ඩලය මීට කෙටි වේලාවකට පෙර යෝජනා සම්මත කර තිබේරාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පොදුජන පෙරමුණේ වාරියපොළ ආසන සංවිධායක ලෙස ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආසන බල මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ කැඳවා තිබිණි.මේ සඳහා වාරියපොළ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්, වාරියපොළ සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලය, කොට්ඨාස කැඳවුම්කරුවන්, ආගමික නායකයින් ඇතුළු සියළු දේශපාලනික ක්‍රියාකාරිකයින් සහභාගී වූ බව වාර්තා වේ.කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙතෙක් ජනාධිපතිවරයාට සහාය දැක්වීමට තීරණය කර නොමැති අවස්ථාවක මෙම තීන්දුව සුවිශේෂී බව දේශපාලනික විචාරකයින් පවසයි.