ලොව හොඳම සංචාරක මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

Global Tourism Awards 2024 සම්මාන උළෙලෙහි ලොව හොඳම සංචාරක මණ්ඩලය ලෙස ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය (SLTPB) පිදුම් ලැබීය.
සංචාරක කර්මාන්තයට එහි භූ දර්ශනය හැඩගස්වා ධනාත්මක වෙනසක් ඇති කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ආයතනවලට ගෞරව කිරීමට සහ සැමරීමට වේදිකාවක් ලෙස මෙම ප්රමුඛතම සම්මාන උළෙල පැවැත්වෙන අතර එහි විශිෂ්ටතම සම්මානය ශ්රී ලංකාවට හිමිවිය.
මෑත වකවානුව තුළ වාර්තාගත සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර ලෝකයේ වේගයෙන්ම ඉදිරියට යන සංචාරක ගමනාන්තයක් බවට ද ශ්රී ලංකාව පත්විය.කාන්තාවන්ට සංචාරය කිරීමට සුදුසුම රටවල් අතර ප්රමුඛස්ථානයක් ශ්රී ලංකාවට හිමි වූ අතර 2024 සඳහා CEOWORLD සඟරාවේ කීර්තිමත් ශ්රේණිගත කිරීම්වලට අනුව,ජීවිත කාලය තුළ සංචාරය කිරීමට හොඳම 5 වැනි රට ලෙස ශ්රී ලංකාව හඳුනාගෙන ඇත.ලෝක ප්රකට Forbes සඟරාව 2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්රී ලංකාව නම් කරනු ලැබීය.
මෙවන් තත්ත්වයක් තුළ අද ඉන්දියාවෙන් නව දිල්ලි නුවරදී ලැබුණු මේ සම්මානය සුවිශේෂී වෙයි.