2024 කාන්තා බොක්සිං තරගය අන්දෝලනයකින් අවසන් වෙයි
ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනිහට ඊයේ (02) ඔලිම්පික් පිටියේ දී ඉතාම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.
එහිදී සිය ප්‍රතිවාදියා වූ ඉමානේ කලීෆ් එල්ල කළ පහර දරාගත නොහැකි කරීනි බොක්සිං තරගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉමානේ හමුවේ කරීනිට සටන් කිරීමට හැකිව ඇත්තේ තත්ත්පර 46ක් පමණයි.
ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් යනු ජීව විද්‍යාත්මක (Biological) ලෙස ගත් කළ පිරිමි පුද්ගලයෙක් ලෙස වාර්තාවන අතර, මේ වනවිට ඉමානේ පිළිබඳව විවිධ මත පලවෙනවා.
ඉමානේ කලීෆ් පසුගිය 2023 ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසි නමුත් අවසන් තරගයට පැය කිහිපයකට පෙර ඉමානේට එම තරගයෙන් ඉවත් වීමට සිදුවෙනවා.
ඒ ඉමානේගේ ලිංගිකත්වය තහවුරු කිරීමට අසමත් වූ බැවින්.
නමුත් මෙවර ඔලිම්පික් උළෙලේදී ඉමානේට එවැනි ගැටලුවක් ඇති වන්නේ නැහැ.
ගැහැණු කෙනෙක් වුණද ජීව විද්‍යාත්මක පිරිමි පුද්ගලයෙක් වීම නිසා ඔවුන්ගේ ශක්තිය සම්පූර්ණයෙන්ම වෙනස්වන අතර, එවැනි පුද්ගලයෙක්ට කාන්තාවකට පහර දීම ඉතාම පහසු ක්‍රියාවක් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
එම අවස්ථාවේදී ඇන්ජෙලා කරීනි පවසා ඇත්තේ, ”මෙය තරගයක් විය හැකි නමුත් ඒ මොහොතේ මගේ ජීවිතය රැක ගැනීමට මට සිදු වුණා. මට බයක් තිබුණේ නැහැ, තරගයට බය නැහැ, මම පහරවල්වලට බය නැහැ, නමුත් මේ වතාවේ හැමදේකම අවසානයක් තිබුණා. මට බැරි වුණ නිසා මම මේ තරගය අවසන් කළා.” යනුවෙන්.
මේ අතර, තායිවානයේ ලින් යූ-ටිං, පසුගිය වසරේ පැවති ලෝක ශූරතාවලියේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂණයකින් අසමත් වූ නමුත්, මෙවර ඔලිම්පික් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට නියමිතයි.
එහෙත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කර ඇත්තේ, පැරිසියේ සියලුම බොක්සිං ක්‍රීඩකයින් “තරඟයේ සුදුසුකම් සහ ඇතුල්වීමේ රෙගුලාසි වලට අනුකූලවන” බවයි.
එම කමිටුවේ ප්‍රකාශක මාර්ක් ඇඩම්ස් පැවසුවේ, “මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසර ගණනාවකට පෙර බොහෝ වාර ගණනක් තරඟ කර තිබෙනවා. ඔවුන් හදිසියේම පැමිණ නොමැත” යනුවෙන්.