රනිල් අපේ පක්ෂය විනාශ කළා – ගාමිණි ලොකුගේ

රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණ පක්ෂය විනාශ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා.
ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ අපි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කලහම අපි සමඟ සිටින්නේ කවුරුන් ද කියා අපට දැන ගත හැකි බවයි.

රනිල් වික්‍රමසිංහ හට සහාය දෙන බව මාධ්‍යයෙන් බොහෝ අයගේ නම් පවසා සිටිය ද හැබැයි අපි පක්ෂයක් විදිහට දන්නවා එච්චර ගණනක් නොමැති බව ඔහු කියා සිටියා.

ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේ ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වු නමුත් පක්ෂය තීන්දුවක් ගැනීමට පෙර පිරිසක් සමඟ ජනාධිපති තීන්දුවක් ගත් බවත් එය පක්ෂයට විශාල ගැටළුවක් බව ඔහු අවධාරණය කලා.

පක්ෂය සමඟ කටයුතු සිදු කරනවානම් පක්ෂය සමඟ තීන්දු ගත යුතුව ඇති බවත් එසේ නොමැතිව තැන් තැන්වල ගොස් ජනාධිපති අපේක්ෂකයා යෝජනා කරනවා යැයි පැවසීම සුදුසු නොවන බව හෙතෙම කියා සිටියා.

ඒ අවස්ථාවේ පක්ෂය අක්‍රිය තත්ත්වයට පත් වු බව ඔහු අනාවරණ කළා. එවැනි අවස්ථාවකදී පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීන්දුවකට පැමිණි බවත් ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිකේෂ කිරීමට කටයුතු කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ වැඩිදුරටත් කියා සිටියා.