දේශිය වෙලදපොලේ පුවක් මිල ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළඳුන් සඳහන් කරනවා.

මේ දිනවල ඉල්ලුමට සරිලන අමු පුවක් නොමැති වීම හමුවේ අමු පුවක් ගෙඩියක තොග මිල රු.20.00ක් පමණ වන අතර ඒ අනුව අමු පුවක් ගෙඩියක් රු 22-25 අතර මිලකට අලෙවි කරන බවත්, මඩ පුවක් ගෙඩියක් රු 10-18 දක්වා මිලට අලෙවි කරන බවයි එම වෙළඳුන් පවසන්නේ.

එම වෙළදුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පුවක් මිල ඉහළ යාම නිසා බුලත් විටක් රු 60-80 දක්වා අතර මිලකට අලෙවි කරන අතර මේ හේතුවෙන් වෙළදාම පහළ වැටි ඇති බවයි.

වතුකරයේ ජනතාව බහුල වශයෙන් බුලත් විට කෑමට පුරුදු වි සිටින අතර පුවක් මිල ඉහළ යාම හමුවේ එම ජනතාව පිඩාවට පත් වි ඇති බවයි වාර්තා වන්නේ.