ලෝකයේ සිටිනා මේ අවාසනාවන්තම පුද්ගලයන් ගැන ඔබ ඇසුවොත් අපේ ජීවිත කෙතරම් වාසනාවන්තද යැයි ඔබට සිතෙයි
නම Tsutomu Yamaguchi ය.1916 දී උපන් මොහු ජපන් ජාතිකයෙකි.1945 අගෝස්තු 6 වෙනිදා මොහු ව්‍යාපාරික කටයුත්තකට හිරෝෂිමා වෙත යයි.ඔහු නගරයට පය තබනවාත් සමගම ඔහුට කිලෝමීටර දෙකින් ජපානයට එල්ල කල පළමු පරමාණුක බෝම්බය පුපුරා යයි.ඔහුට ඇස් අදහ ගත නොහැකි විය.කුමක්ද සිදු වුයේ යන්න ඔහුට ප්රශ්නයකි.එම දිනයේ රාත්‍රිය හමුදා බංකරයක ගතකරන මොහු පසුදින උදැසනම තම නිවාස බල පිටත් වන්නේ නැවත හිරෝෂිමා වල ව්‍යාපාර කටයුතු කරන්නේ නැත යයි සිතමිනි.සිද්දිය වී දින කිහිපයකට පසුව ජපානයේ නාගසාකි හිදී ව්‍යාපාර රැස්වීමකට සහභාගී වී සිටියදී පෙනෙන මානයෙන් විශාල ශබ්දයක් අසුනේය.ඔහුට සැනෙකින් එක හදුනා ගත හැකි විය.ඒ ජපානයට එල්ල කල දෙවන පරමාණුක බෝම්බයයි.මුහුගේ වයස අද වනවිට අවුරුදු 93ක් වන අතර මිනිසුන් දහස් ගණනක් මියයාම සියැසින් දුටු මොහු ලෝකයේ සිටින එක් අවාසනාවන්ත මිනිසෙකු ලෙස හදුන්වයි.
නම Violet Jessop වේ.කාන්තාවකි.හෙදියකි.විශේෂයෙන් නැව් වල තම සේවය අකුරටම ඉටු කරයි.එම නිසා මැය නිතරම සිටින්නේ මුහුදේය.මැය ලෝකයි සිටි අවසනවන්ත්ම පුද්ගලයෙක් වන්නේ මක් නිසාවත් නොව ලොවම කම්පා කරමින් මිනිසුන් දහස් ගණනක් බිලිගත් විශාල නැව් අනතුරු 3ක් සිදුවන අවස්ථාවේ එම නැව් තුල සේවය කරමින් සිටීමයි.ඇය ප්‍රතිකාර කල බොහෝ දෙනා මියගියේය.එම සිද්දීන් ඇයට දරා ගත නොහැකි විය.Titanic නෞකාවේ සහෝදර නෞකාවේ නම Olympic ය.1911 දී Olympic නෞකාව බ්‍රිතන්‍ය නෞකාවක් සමග ගැටී විනාශ විය.සිද්දිය වන අවස්තාවේ මැය සිටියේ නෞකාව තුලය.ඇය දිවි ගලවාගත් නමුත් එම අවාසනාවන්ත සිද්දිය ඇසින් දුටුවාය.ඉන්පසුව Titanic නෞකාවේ සේවය කරමින් සිටියදී එයද මුහුදුබත් විය.ලෝකයම සසල කරමින් ලෝකයේ විශාලම මගී ප්‍රවාහන නෞකාව මිනිසුන් දහස් ගණනක් සමග මුහුදුබත් වන ආකාරය Violet Jessop ජීවිතාරක්ෂක බෝට්ටුවක වී බලා සිටියාය.පසුව නෙවත 1916 දී Britannic නෞකාව මුදුහුබත් වන විට එහිද මැය සේවය කරමින් සිටියාය.පසුව 1971 දී හදවත් රෝගයකින් මැය මරණයට පත්වෙයි.අවසන් කටයුතු කරන ලද්දේ මුහුදේ සිට යයි පැවසේ.