ලෙබනනයෙන් ඉවත්වන්නැයි ඔස්ට්‍රේලියානුවන් ට දන්වයි
ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට හැකි ඉක්‌මණින් ලෙබනනයෙන් ඉවත්වන ලෙස ඕස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර තිබේ.
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින් එම ඉල්ලීම කර ඇති බව සඳහන් ය.
අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ද සිය රටවැසියන්ගෙන් එම ඉල්ලීම කර තිබේ.
ඔස්ට්‍රේලියානුවන් 15,000ක් පමණ ලෙබනනයේ සිටින බව වාර්තා වෙයි.
එසේම 2021 වසරේ සිදුකළ සංගණනය අනුව ලෙබනන් සම්භවයක් සහිත පුද්ගලයින් 500,000ක් පමණ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන බව හෙළිවී තිබුණි.