පැරිස් ඔලිම්පික් උළෙලේදී ලෝකයේම අවධානය දිනාගත් ක්‍රීඩකයා

තුර්කි ගුවන් පිස්තෝල වෙඩික්කරුවෙක් වූ යූසුෆ් ඩිකෙක් (Yusuf Dikec) 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම දිනා ගැනීමෙන් පසු සමාජ මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ඒ විශේෂ කාච, ඇස් ආවරණයක් හෝ කන් ආරක්ෂාවක් නොමැතිව මෙම තරගකරු තරගයට මුහුණ දුන් නිසයි.

අවුරුදු 51ක් වයසැති මෙම තරගකරුවා සාක්කුවේ එක් අතක් තබාගෙන අවම ආම්පන්නයක් පැළඳ ඉලක්කයක් ගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

X සමාජ මාධ්‍යයේ මෙම ඡායාරූපය මිලියන 62ක් නරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ