ගිනස් වාර්තා තැබීමට ගොස් අතපසු වීම් වලින් ජීවිතය අහිමි කරගත් නිර්භීත මිනිසුන්

ගිනස් වාර්තා පොත යනු ලෝකයටම ඇති එක දෙයකි.මෙයට තමන්ගේ නම ඇතුලත් කර ගැනීමට පුද්ගලයන් කාලයෙන් කාලයට උත්සහ කරයි.බොහෝ පුද්ගලයන් සාර්ථක වන අතර අතලොස්සක් අසාර්ථක වේයි.තවද මෙම වාර්තා තැබීමට ගොස් ජීවිතය අහිමි කරගත් අවස්ථාද තිබේ.

1.නම් වශයෙන් Babar and Haris Suleman වේ.පියෙකු සහ පුතකු වේ.දවස් තිහකින් ලෝකය වටා සැහැල්ලු ගුවන් යානයකින් පියාසර කිරීම මොවුන්ගේ වාර්තාවයි.මේ දෙදෙනාම ගමනට එක්වෙයි.මේ යන අතර තුර ඔවුන් 25ක් වතාවක් රටවල් පහලවක නතර කිරීමට නියමිතයි.ඒ අන් කිසිවකට නොව යානයට තෙල් ගැසීමටයි.මෙසේ මේ දෙදෙනා සියල්ල සැලසුම් කළහ.වර්ෂය 2014ය.ගමන පටන් ගත්තේය.ඒ Pago Pago ගුවන්තොටුපලෙනි.නමුත් ගමන අසාර්ථක වුයේය.ගුවන් යානය පැදවූ 17 හැවිරිදි පුතා ගේ අත්වැරදීමකින් පැසිෆික් සාගරයේදී ගුවන්යානය අනතුරට පත්වෙයි.පියාගේ සිරුර සොයා ගැනීමට නොහැකී විය.

2.ලොව විශාලම පිරිසක් එක්වූ ගුවනින් බිමට පැනීමේ වර්තාවේදී එක් පුද්ගලයෙකු මරණයට පත්විය.මෙයට 222 දෙනෙක් සහභාගී වූ අතර 221 දෙනෙක් සාර්ථකව බිමට පතිත විය එහෙත් එක පුද්ගලයෙක් ට බැරි වුයේ ඇයගේ පැරිෂුට ය ක්‍රියා විරහිත වීමෙනි.ගුවන්යානයේ සිටම ඇය පතිත වුයේ බිමටය.නම Diana Paris වන අතර ඇය 46 හැවිරිදි කාන්තාවකි.