මහින්ද සමඟ තවත් වරක් සාකච්ඡා කරන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තවත් එක්වරක් සාකච්ඡා කරන ලෙස නියෝජ්‍ය කාතානයක අජිත් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපති තුමාගේ ප්‍රදානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්වෙමිනුයි නියෝජ්‍ය කතානායකවරයා මෙම ඉල්ලීම සිදු කළේ.

මෙම ඉල්ලීම තමාගේ පෞද්ගලික ඉල්ලීමක් බවත් ජනාධිපති තුමා සහ අගමැති තුමා එක්ව හෝ නැත්නම් විශේෂ කමිටුවක් මගින් හෝ අවසන් වරට තවත් එක්වතාවක් මහින්ද රාජපක්ෂ මහතා හමුවී මේ  පිළිබද සාකච්ඡා කරන ලෙසට නියෝජ්‍ය කතානායකවරයා මෙහිදි ඉල්ලා තිබෙනවා.

උපුටා ගැනීම

මේක ඉතාම සංවේදී අවස්ථාවක්. හදවතට දැනෙන් ප්‍රශ්නයක්. නමුත් අපි හොද බුද්ධියකින් මේ අවස්ථාවේ දී කටයුතු කළ යුතුයි. අපි අවුරුදු ගණනාවක් වැඩකළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ. එතුමාගේ උපදෙස් වලට අනුව. ඒක හින්දා තවත් වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් හැකි නම් සාකච්ඡා කරන්න. කොහොම වුණත් ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරනවා. ඒක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරගන්න අපි කටයුතු කරමු.

යනුවෙන් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදි සදහන් කර තිබෙනවා. එම යෝජනාව නිවැරදි බවත් ඒ අනුව තවත් අවස්ථාවක් මහින්ද රාජපක්ෂ මහතා සමග මේ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි පවසා ඇති බවයි වාර්තා වන්නේ.