ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සිටින මන්ත්‍රීවරු 90කට වැඩි පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් එක්වීමත් සමගම අගෝස්තු 02 පැවැත්වීමට සංවිධානය කර තිබු කාන්තා සමුළුව පැවැත්වීම ගැන මතභේදාත්මක තත්ත්වයක් ඇති වී ඇති බවට අපවෙත තොරතුරු ලැබි තිබෙනවා. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියන් රැසක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරිම කටයුතු සූදානමින් සිටින නිසා බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.