හබරාදුවේ වෙඩි වැලක්..
28 වන දින රාත්‍රී කාලයේ හබරාදූව පොලිස් වසමේ දික්කුඹුර මාර්ගයේ හරුමල්ගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවට හබරාදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන ආරම්භ කර ඇත.
අපරාධකරුවන් විසින් පාගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඇත. ඉන් එක් පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති අතර අනෙක් පුද්ගලයා බේරී පලාගොස් ඇත.
අනතුරුව තුවාලකරු මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට නැඟීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් විසින් ත්‍රීරෝද රථය දෙසට වෙඩි තබා ඇත.
එහිදී ත්‍රීරෝද රථයේ රියදුරුටද වෙඩි වැදී ඇති අතර ඔහු නොනවත්වා ධාවනය කර ඇත. තුවාලකරුවන් දෙදෙනාම කරාපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත.
තුවාලකරුවන් අවුරුදු 34 හා 54 වයස්වල පසු වූ හබරාදූව සහ අගුළුගහ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අපරාධය සඳහා සඳහා පිස්තොල ර්වගයේ ගිනි අවියක් භාවිතා කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදූව පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.