අල්ලස් ගත් ග්රාම නිලධාරී රිමාන්ඩ්
උප්පැන්න සහතිකයේ නම වෙනස් කරදීමට සහ නිවාස සංවර්ධන අධිකාරියේ පෝරමයක් පුරවාදීමට රුපියල් 50,000ක් වටිනා මත්පැන් බෝතල් දෙකක් ඉල්ලා පසුව රුපියල් 40,000ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 15 මාදම්පිටිය ග්රාම නිලධාරීවරයා ලබන 06වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද (24දා) නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කර වහාම අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නියම කළ මහේස්ත්රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙනන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ 15 මාදම්පිටිය ග්රාම නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ ප්රදීප් පෙරේරා නමැත්තා රිමාන්ඩ් භාරයට පත් කළේය.
සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් පසුගිය 13වැනිදා අල්ලස ඉල්ලීම පිළිබඳ 14වැනිදා කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු 23වැනිදා කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඇන්ටන් සේනානායක මහතා කරුණු දක්වමින් මෙම අල්ලස් කතාව ගොතන ලද්දක් නිසා තම සේවාදායකයාට එරෙහි විමර්ශන කටයුතු කඩිනම් කිරීමට නිලධරීන්ට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඇන්ටන් සේනානායක මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වැටලීම කළ ආකාරය පිළිබඳව නිලධාරීන්ගෙන් සවිස්තරව කරුණු විමසා සිටි මහේස්ත්රාත්වරයා වැටලීමේ දුර්වලතා ඇති බව පෙනී යන්නේ යැයි සඳහන් කළේය.
විමර්ශන අවසන්ව නැති බැවින් සැකකරුට ඇප දීමට නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 06වැනිදා විමර්ශනවල ප්රගතීය අධිකරණයට දැනුම් දීමට නියම කරමින් සැකකරු එදින තෙක් රිමාන්ඩ් භාරයට පත් කළේය.