කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර දැක්මක්
එක්ස් සමාජ මාධ්‍යජාලයේ හිමිකරු ඉලෝන් මස්ක් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර නිරූපණ දැක්ම ඇතුළත් වීඩියෝ පටය ලොව පුරා වයිරල් වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හාස්‍ය දනවන සුලු ආකාරයෙන් නිර්මාණය කර ඇති එම විලාසිතා දැක්ම ව්ලැදිමිර් පුටින්, ජෝ බයිඩ්න්, ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝදි, හිලර් ක්ලින්ටන්, කිම් ජොං උන් ඇතුළු ලෝක නායකයන්ගේ සහ නොම්මර එකේ ව්‍යාපාරිකයන්ගේ රුවට සමානව නිර්මාණය කර ඇති අතර, ඊයේ වන විට මිලියන 130කට වැඩි එක්ස් සමාජ මාධ්‍ය පරිශීලකයන් පිරිසක් එය නරඹා ඇතැයි වාර්තා වේ. එම මෝස්තර දැක්මට ඉලෝන් මස්ක් තම රූපය නිර්මාණය කර තිබිම ද විශේෂත්වයකි.