කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ දඬුවම වසරක් දක්වා අඩුකෙරේ!

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන්ගේ දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

2020 ජූලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුණෑගලදී කුරුණෑගල නගර සභාව සතු දේපළ වන කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පිහිටි බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල නගර මධ්‍යයේ පිහිටි රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් එවකට කුරුණෑගල නගරාධිපතිව සිටි තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු වරදකරුවන් කරමින් වසර 3ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබුණි.