ශ්‍රීලනිප ප්රමුඛ නව සන්ධානයේ බදුල්ල ජන රැලිය 14දා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන බදුල්ල දිස්ත්‍රික් ජන රැලිය මේ මස 14දා පස්වරු 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ‘දිනුම රටට – එක්ව පෙරට’ යන තේමාව පෙරදැරි කොටගෙන පැවැත්වෙන තෙවැනි ජන රැලිය මෙය වේ.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් විසින් බදුල්ල ජන රැලිය සංවිධානය කරනු ලබති.නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජන රැලිමාලා දැනටමත් පවත්වා තිබේ.
මෙම ජන රැලියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක, සුසිල් ප්රේම්යන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, පියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.