මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුපිරි වෙළඳසැළකින් මුදල් ත්‍යාගයක් දිනා ඇති බවට පවසා දුරකතන ඇමතුම් ලබාදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා මුදල් වංචාකළ සැකකරුවන් දෙදෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් තෑගි මුදල් තැන්පත් කිරීම සඳහා යැයි පවසමින් ගිණුම් අංක ලබා ගෙන රුපියල් එක් ලක්ෂ 80,000ක මුදලක් අන්තර්ජාලය ඔස්සේ වංචා කර ඇති බවට ලැබී තිබූ පැමිණිල්ලක් අනුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ජංගම දුරකතන 07ක් සහ සිම්පත් 109ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 23 සහ 30 යන වයස්වල පසුවන පොල්ගහවෙළ සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.